This is default featured post 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

යලි පිබිදෙන මගේ මවුබිම.

               බ්‍රිතාන්‍යයන්ගේ තාඩන පීඩනවලට ලක් වූ අපි එම අධිරාජ්‍ය බලවේගයන්ගෙන් 1948 පෙබරවාරි 4වැනිදා නිදහස ලබා ගත්තෙමු. නමුදු අපට නිවහල් ජාතියක් බවට පත්වන්නට හැකි වූයේ 1972 මැයි 22 ලංකාව ජනරජයක් බවට පත් වූ පසු ව ය. ඉන් පසු ව ද රට පුරා වරින්වර පැතිර ගිය කැරළි කෝලාහල සහ ත්‍රස්තවාදය හේතුවෙන් නිදහස යන්න සිහිනයක් ම විය. අපි කවුරුන් වුව ද කොයි වේලේ බෝම්බයක් පුපුරා යාවි දැයි තැති ගැන්මෙන් සිටියෙමු.
නමුත් අපි දැන් ගත කරනු ලබන්නේ යුධ බිය,මරණ බිය තුරන් වී වසර 2කකුත් ගෙවී යාමෙන් පසු එලබී ඇති රට සංවර්ධනය කරා යොමු වී ඇති නිවහල් යුගයකි. මෙවන් වූ නිදහස් යුගයක නිදහසේ යටගියාව සිහිපත් කිරීම ඉතා වැදගත් යැයි සිතේ.
               අතීතය දෙස නෙත් යොමා බලන කළ පෙනී යන්නේ පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන් විසින් වනසා දමන ලද අපගේ සංස්කෘතිය හා ජාතිය පිළිබඳ අඳුරු යුගයකි.
බ්‍රිතාන්‍යයන්ගේ යටත් වැසියන් ලෙස ජීවත් වූ යුගයේ ඔවුන් විසින් අපේ රටේ සාරය එරටට රැගෙන යන ලද අතර අපට ඔවුන්ගේ සංස්කෘතිය, ආගම සහ අධ්‍යාපන ක්‍රමයන් හඳුන්වාදෙන ලදී. මෙම ක්‍රියාවන්ට එරෙහි ව මෙ රට ද විවිධ බලවේග ක්‍රියාත්මක විය. මිෂනාරි අධ්‍යාපන ක්‍රමයට එරෙහි ව දේශීයත්වය ගොඩනැඟීම සඳහා භික්ෂූන් වහන්සේලා දැඩි කැපවීමක් කළහ. 1817/18 වසරයන්හි කැරලි ඇතිවූයේ ඒ හේතුවෙනි. නමුත් බ්‍රිතාන්‍යයන් විසින් මෙම අරගල විනාශකර දමන ලදී. 
               එම කාලය තුළ දී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් 1890දී මිෂනාරීන්ට එරෙහිව බෞද්ධ බලවේගයක් ගොඩනැඟුණි. මෙහි දී භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය වූයේ අපේකම හා බෞද්ධකම රැක ගැනීමට ය. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා, අනගාරික ධර්මපාල තුමා ආදීහු ද මෙහි දී විශාල මෙහෙයක් ඉටුකළහ.
බෞද්ධ පිබිදීමත් සමඟම ලංකාවේ මධ්‍යම පාන්තිකයන් වූ ඩී.එස්. සේනානායක, ඩී.බී. ජයතිලක, පොන්නම්බලම් රාමනාදන් ආදීහු එක් වී බ්‍රිතාන්‍ය පාලනය යටතේ පවතින ආණ්ඩුවට සිංහල, දෙමළ නියෝජිතයන් පත්කොට රට බෙදාගෙන පාලනය කිරීමට සූදානම් වූහ.       
              1918 දී පමණ දේශපාලන නිදහස ලබාගැනීම සඳහා ඒ.ඊ. ගුණසිංහ වැන්නවුන් උත්සාහ ගත්හ. 1924 දී යාපනයේ පිරිස් ද එකමුතු ව සිංහල, දෙමළ එක ම ජාතියක් සේ ස්වාධීන තත්ත්වයකට පත් වූ ජන සමඟියක් ගොඩනැඟීමට උත්සාහ ගත්හ. නමුත් ඩොනමෝර් ක්‍රමයක් ලැබූ නිසා විවිධ අර්බුද පැන නැඟුණි.
               පළමු ලෝක සංග්‍රාමයත් සමඟින් ඇති වූ පොපි මල් ව්‍යාපාරයට එරෙහි ව 1936 දී එස්.ඒ. වික්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන, එන්.එම්.පෙරේරා ආදීහු සූරියමල් ව්‍යාපාරය ආරම්භ කළහ. 
              1815දී බ්‍රිතාන්‍යයන් විසින් සිංහල, මුස්ලිම් විශාල පිරිසක් මරාදැමනු ලැබීම හේතුවෙන් බ්‍රිතාන්‍යයන්ට එරෙහි ව  රට තුළ විරෝධතා ඇති විය. මෙම ව්‍යාපාර තුළින් ජනතාව දැනුවත් කිරීමේ හැකියාව ලැබුණි.
මෙවන් කාරණා හේතුවෙන් 1935දී සමසමාජ පක්ෂය පිහිටුවිණි. එන්.එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, එස්.ඒ. වික්‍රමසිංහ, ලෙස්ලි ගුණවර්ධන ආදීහු 1936දී රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයට තරග කළහ. ඔවුන් විසින් ජනතාව දිරිගැන්වීම හේතුවෙන් බ්‍රිතාන්‍යයන් මෙම පිරිස් සිරගත කරන ලදී.
               ඉන් පසු දෙවන ලෝක සංග්‍රාම සමයේ දී රට බෙදාගෙන පාලනය කරන්නට අපේ රටේ මධ්‍යම පාන්තිකයන් කැමති විණි. ඉන්පසුව 1947 රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ මාක්ස්වාදී කණ්ඩායම් නිදහස ඉල්ලා සිටියහ. පසුව ලංකාවේ ගුවන්තොටුපොළ හා වරාය බ්‍රිතාන්‍යයට පවරා ගනිමින් 1948 පෙබරවාරි 4වෙනිදා බ්‍රිතාන්‍ය කිරීටයට යටත් නිදහසක් මෙරටට ලැබුණි.
                 විවිධ වූ අරගල මැදින් දිනාගත් නිදහස ද අර්ථවත් නිදහසක් වූයේ 1972 ලංකාව ජනරජයක් බවට පත් වීමෙනි. 1970 පත් වූ සමඟි පෙරමුණු රජය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරමින් එම කාර්යය ඉටු කරමින් සැබෑ නිදසක් රටට ලබා දුන්නේ ය.
                 එම නිදහස භුක්ති විඳිමින් ස්වාධීන රටක් ලෙසින් ඉදිරියට ආ රටට 1971 තරුණ කැරැල්ල සහ 1983 කළු ජූලියත් සමඟ යළිත් අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදයකට මුහුණ දෙන්නට සිදුවිණි.
උතුරේ සන්නද්ධ කැරළි කණ්ඩායම් එහි සේවය කළ හමුදා නිලධාරීන් 13ක් ඝාතනය කිරීමෙන් රට පුරා ජාතිවාදයේ ගිනිදැල් ඇවිලිණි.
                  ඉන් පසු ව ලොව බිහිසුණු ත්‍රස්ත සංවිධානය ලෙස නම් කරන ලද එල්ටීටීඊ ත්‍රස්තවාදීන් භීෂණය හා ප්‍රචණ්ඩ ක්‍රියා රට පුරා සිදුකරමින් සියලු ජනකොටස්වල නිදහස විනාශ කරනු ලැබීය. රටෙහි අහිංසක ජනතාවගේ ජීවිත බිලිගනිමින් දේපොළ ආදියට විශාල හානි පමුණුවන ලදී. මිනිසුන්ට නිදහසේ හුස්ම ගන්නටවත් ඉඩක් නොතිබුණි.
                  ජේ.ආර්. ජයවර්ධන, ආර්.ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක යන පාලකයින් ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගැනීමට විවිධ සඳහා උත්සාහයන් දැරූහ.
මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන් ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ව වසර 30ක් පුරාවට පැවති යුද්ධය නිම කිරීමේ නොසැළෙන අධිෂ්ඨානයෙන් ඇරඹූ මානුෂීය මෙහෙයුම මෙරටේ රාජ්‍ය පාලකයකු විසින් ගන්නා ලද ඓතිහාසික රාජ්‍යතාන්ත්‍රික තීරණයකි.
                   ත්‍රස්තවාදීන් මාවිල්ආරු සොරොව්ව වසා දැමූ විට එය විවෘත කර ගැනීම සඳහා ඇරඹූ මානුෂීය මෙහෙයුම 2009 මැයි 18වන දින නන්දිකඩාල් කලපුවත් බේරා ගැනීමෙන් අවසන් කළේ සදහටම මව්බිමෙන් ත්‍රස්තවාදය තුරන් කිරීමෙනි. ලොව බිහිසුණු ම ත්‍රස්තවාදීන් ලෙස අන්තර්ජාතික ප්‍රජාව හැඳින්වූ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විනාශ කරමින් ලෝකයේ ත්‍රස්තවාදය අවසන් කළ පළමු රට බවට කිසිදා නොමැකෙන වාර්තාවක් ද ලෝක ඉතිහාස පොතට එක් කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ය. එය අප රට ලද දෙවන නිදහස ලෙස සැලකිය හැකිවන්නේ එම නිසා ය.
                  දැන් අප සියල්ලන් සතු ව පවතිනුයේ මේ දිනූ දෙවන නිදහස අර්ථාන්විතව රටේ දියුණුව සඳහා යොදා ගැනීමට කැපවීමයි. ඒ කැපවීම අපේ මව්බිම ආසියාවේ ආශ්චර්යය කරා ගෙන යන මහා විප්ලවයේ ආරම්භ යයි. ඒ විප්ලවයේ නියමුවන් ලෙස අනාගත පරපුර අප ව ගෞරවයෙන් සමරන බව සිත්හි දරා ගනිමු.     

ලංකා ඉතිහාසය

වසර 2500 ක ප්‍රෝඩ ඉතිහාසයක් ඇති අප රට ලෝකයේ පැරණි ඉතිහාසයක් ඇති අනිත් රටවලට නොදැවනි ලෙස ඉහලින්ම තැබිය හැක. නමුත් අප සියලු දෙනාම කතා කරන්නෙ විජයාවතරනයෙන් පසු දියුණු වුණු නැතහොත් සංවර්ධනය කරන ලද ඉතිහාසයකි. නමුත් මෙයට විරුද්ධව එයට වඩා පැරණි ඉතිහාසයක්  ඇති බවට විශ්වාස කරන අප රටේ විද්වතුන් රාශියක් සිටියි. රාජ් සෝමදේව, කලාශුරි අරිසෙන් අහුබුදු වැනි විද්වතුන් මේ පිලිබඳ බෝහෝ කරුණු සොයා යමින් සිටියි.

ලංකා ඉතිහාසයේ හා ලෝක ඉතිහාසයේ නොවිසදුණු ප්‍රධාන ගැටළු සහගත ඉතිහාස පුවතකි රාවණා කතාව. මේ පිළිබඳව ප්‍රධාන වශයෙන් ගෙනහැර දක්වන්නේ රාමායනය මහා කාව්‍යයේය. එයද එලෙස දක්වා ඇතත් සිංහලයන් සහ ලාංකිකයන් ලෙස අපට එමගින් වැදි ඇති පහර සුලු ප‍ටු නොවෙයි. මක්නිසාදයත් රවණා රජු ස්ත්‍රින් පැහැර ගන්නා රාක්ෂයෙක් ලෙස එමගින් හුවා දක්වා ඇති නිසාය.
අප දැන් බලමු  ලංකාවේ එම අවදියේ සිටි මිනිසුන් කවරහුද කියා. ප්‍රධාන වශයෙන් ඔවුන්  රාක්ෂ, යක්ෂ, දේව සහ නාග ලෙස ග්‍රෝත්‍ර 4 ක් ලංකාවේ ජිවත්වි ඇත. එමනිසා එකල ලංකාවට සිව් හෙලය යන නමද භාවිතා වි ඇත. රාමායනයට අනුව අප රටේ ජිවත්වි ඇත්තේ රකුසන්, යකුන්, නාගයන් ලෙස දක්වා ඔවුන් සතුන් සහ භුතයන් ලෙස විකෘති කර ඇත. නමුත් වර්තමානයේද පවතින කුල ග්‍රෝත්‍ර භේදය සලකා මෙසේ වර්ග 4 කට බෙදා වෙන්කල බව අපට සිටිය හැක.
 උදාහරණයක් ලෙස වර්ථමානයේද ජාති වශයෙන් පවතින බෙදිම සලකා බැලිය හැක එනම්. සිංහල, දෙමල, මුස්ලිම් සහ බර්ගර් ලෙසය. එම අවදියෙදි මෙසේ යක්ෂ, රාක්ෂ, දේව සහ නාග ලෙස බෙදා සිටි බව අපට සිතිය නොහැකිද? මොවුනුත් සාමාන්‍ය මිනිසුන් නොවුනාද? මේ ගැන හොඳ පසුබිමක් හදාගන්න අපි දැන් බලමු මෙම රාක්ෂ, යක්ෂ, නාග, හා දේව ග්‍රෝත්‍ර ගැන.
  • රාක්ෂ ග්‍රෝත්‍රය 
මොවුන්ගේ ලාංජන වශයෙන් ස්වස්තිකය හා මකරා යොදා ගෙන තිබේ. හිරු දෙවියන් ඇදහු ජනකොටස කළු ගගෙන් උතුරේද, චන්ද්‍ර වංශය ඇදහු ජනකොටස කළු ගගෙන් පහලද ජිවත්වු බවට ඉතිහාසය සාක්ෂි දරයි.
තවද ලංකාවේ නැතහොත් හෙලයේ සිටි ප්‍රබලම රාක්ෂ ග්‍රෝත්‍රික රජු ලෙස රාවණා රජු සැලකේ.
  • නාග ග්‍රෝත්‍රය
මොවුන්ගේ ලාංජනය වශයෙන් මාළුවා යොදා ගෙන තිබේ. මොවුන් ප්‍රධාන වශයෙන් නාවික කටයුතු මෙහෙයවු පිරිසක් විය. ලංකාවේදි ප්‍රධාන වශයෙන් නාග ග්‍රොත්‍රිකයන් ගේ ප්‍රදේශයක් වශයෙන් කැලණිය ප්‍රදේශය. අපට සැලකිය හැක. මෙහිදි නාග ග්‍රෝත්‍රයට සම්බන්ධ රජ කෙනෙක් ලෙස ,රාවණා රජු ගේ සහෝදරයෙක් වන මව් පාර්ශවයෙන් නාග ග්‍රෝත්‍රික වන විභිෂණ රජු සැලකිය හැක. මෙසේ නාග ග්‍රෝත්‍රිකයන් ලංකාවේ බටහිරදිග ගොඩනගා තිබු නාග රාජධානිය ක්‍රි.පු 250 දි පමණ ඇතිවු මුහුද ගොඩ ගැලිමකින් විනාශ වී ඇත. මන්නාරම හා තුත්තුකුඩිය අතර පට්‍ටුනාගම් නගර ලක්ශයක්, ධිවර ගම්මාන 970 හා තවත් ගම්මාන 400 ක් විනාශ වී ඇත. ඉතිරි වුයේ ඉන්  දොලහින් එකක් පමනකි.
  • යක්ෂ ග්‍රෝත්‍රය
මොවුන්ගේ ලාංජනය වශයෙන් පද්මය හා කෙටේරිය භාවිතා වී ඇත. යක්ෂ ග්‍රෝත්‍රය ලංකා ඉතිහාසයේ ප්‍රධාන තැනක් ගත් ග්‍රෝත්‍රයකි. බොහෝ දුරට සලකන පරිදි යක්ෂ ග්‍රෝත්‍රිකයන්ට මාතෘ මුලික සමාජ ක්‍රමයක් තිබි ඇත.
  • දේව ග්‍රෝත්‍රය 
මොවුන්ගේ ලංජනය වශයෙන් පුන්කලස භාවිතා වී ඇත. දේව ග්‍රෝත්‍රිකයන් ප්‍රධාන වශයෙන් ලංකාවේ කදුකර ප්‍රදේශවල ජිවත් වී ඇති බවට සිතිය හැක. මොවුන්ගේ ප්‍රධාන පුද්ගලයෙක් ලෙස සුමන සමන් දෙවියන් සැලකේ.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More